මෙරට ප්‍රධාන මාධ්‍ය ආයතනයකට සම්බන්ධ ලොක්කෙකු ගැන අමුතු හෙළිදරව්වක්.

Lycamobile Jerman business
By Aruna Dec 12, 2021 01:43 AM GMT
Report

වැටී ඇති බව එරට ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන එක්ස්පාටර්ම් සඟරාව පවසනවා. එහෙත් ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම ආයතනය කඩා වැටීමේ පසුබිම කුතුහලය දනවන සුළු කරුණක් බවයි .

ලයිකාමොබයිල් සමාගම ජර්මන් රජයට ගෙවිය යුතු යුරෝ මිලියන 70ට අධික බදු ගෙවා හැරීමත් පැහැර හැර ඇති බවයි වාර්තා වන්නේ.

බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අල්ලිරාජා සුභාෂ්කරන්ට අයත් මෙම ලයිකා මොබයිල් දුරකථන ජාලය ජර්මනියේ බොහෝ විදේශිකයන් සහ සංචාරකයින් පෙරගෙවුම් කාඩ්පත් හරහා භාවිතා කරන්නක්.

මෙම ව්‍යාපාරික සඟරාව විමසන්නේ ඔබ ඒවා භාවිතා කළහොත් ඔබගේ දුරකථන අංකයට දැන් කුමක් සිදුවේද යන්නයි. මේ වන විටත් ජර්මනියේ සුපිරි වෙළඳසැල්වල ලයිකා මොබයිල් පෙරගෙවුම් ජංගම දුරකථන කාඩ්පත් සොයා ගත නොහැකි බව අදාළ ව්‍යාපාරික සඟරාව පෙන්වා දෙනවා.

ලයිකා මොබයිල් ජාලයේ බිඳවැටී ම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මූලස්ථානයට ඇත්තේ අදාළ ජර්මානු ලයිකාමොබයිල් ජාලය බිඳ වැටී ඇති හෙයින් එය බංකොලොත් සමාගමක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා පසුගිය 2021 මැයි 18 දින අදාළ සමාගමට දැනුම් දී ඇති බවයි.

කෙසේ වෙතත් බංකොලොත්භාවයට පත්වන විට සමාගම් නම් වෙනස් කිරීමේ චිර ප්‍රසිද්ධියක් උසුලන මෙම ලයිකාමොබයිල් සමාගම එලෙසින්ම ජර්මානු ලයිකාමොබයිල් සමාගමේ නම වෙනස් කරන්නේ පසුගිය මැයි 7 වැනිදා යි.

ඒ අමලසන්දන් දිනේෂ් ටෙලිස්තුන්ගන් යන නමින්. අනෙක් අතට ජර්මනියේ ක්‍රියාත්මක වන මෙම කූඨ ජංගම දුරකථන ජාලයේ හාස්‍යජනක කරුණ වන්නේ ජර්මනිය තුළ මෙම ව්‍යාපාරය සිදුකර සිදුකරගෙන යෑම සඳහා පත්කර ඇත්තේ එකම එක පුද්ගලයකු පමණක් වීමයි.

එහි එකම සේවකයා ලෙස සේවය කරනු කළමනාකාර අධ්‍යක්ෂවරයා පමණි. කෙසේ වෙතත්, ලයිකාමොබයිල් ඈවර කරන්නාට මෙතෙ කිසිදු ලියවිල්ලකට ප්‍රවේශ වීම ඔහු මුණ ගැසෙන්නට හැකියාවක් ලැබී නැහැ.

මෙම කාර්‍යය පැවරුණු නීතීඥ ජැන් රොත් ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් වල ලයිකාමොබයිල් කාර්‍යාලයට ගිය ද එහි කිසිවෙකුත් සිට නැහැ.

කෙසේ වෙතත් ලයිකාමොබයිල් ආයතනයේ පැරණි නම, Lycamobile, ලෙසින් තවමත් දොර සීනුව මත කියවිය හැකි වූව ද එහි ඈවර නිලධාරීයාට ලයිකාමොබයිල් ආයතනයේ දත්ත පද්ධතිය වෙත ප්‍රවේශ විය නොහැකි බවයි මෙම වාර්තාවේ දැක්වෙන්නේ.

කෙසේ වෙතත්, ලයිකාමොබයිල් ජාලයේ බිඳවැටීම සිදු වූ එකම රට ජර්මනිය නොවේ. ප්‍රංශයේ සහ මහා බ්‍රිතාන්‍යයේ ද, මුදල් විශුද්ධිකරණය සහ විකුණුම් බදු පැහැර හැරීමේ චෝදනා හරහා මෙම කුප්‍රකට දුරකථන සමාගම දැනටමත් අමාරුවේ වැටී තිබෙනවා .

ජර්මනියේ සියලු විකුණුම් සඳහා ලයිකාමොබයිල් ජර්මානු ආයතනය විසින් විකුණුම් බද්ද ගෙවා නොමැති බව දැනටමත් 2016 දී සිදු කළ බාහිර විගණනයකින් පෙන්වා දී අවසන්.

සමාගම ජර්මනියට මෙම බදු වංචාව සිදුකර ඇත්තේය ජර්මනිය හරහා ඔවුන් ලබන ලාභාංශ සුළු බදු ගෙවිය යුතු රටවලට විව්ධ වංචනික ක්‍රම හරහා මාරු කිරීම හරහායි.

මේ සඳහා ඔවුන් ව්‍යාජ ගිණුම් වාර්තා පවත්වාගෙන ගොස් ඇති බවට මෙතෙක් කරන ලද විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

එමෙන්ම ලයිකාමොබයිල් සමාගම දුරකථන සමාගමක් විසින් පවත්වාගෙන යා යුතු මූලික වගකීම් බොහොමයක් පැහැර හැර ඇති බවත් දුරකථන ජාල සම්බන්ධතා ලබාදීමේ දී සිදු කළ යුතු මූලික පරික්ෂා කිරීම් සහ දත්ත තහවුරු කර ගැනීම් සිදුකර නොමැති බවටත් වාර්තා වනවා.

මේ හේතුවෙන් ජර්මනිය තුළ ලයිකාමොබයිල් දුරකථන ජාලය පාතාල ක්‍රියාකාරීන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් අතර අතිශය ජනප්‍රිය වී තිබෙනවා.

මෙම ව්‍යාපාරික සඟරාවේ වාර්තාවෙන් වැඩිදුරටත් අනාවරණය කරන්නේ මේ වන විටත් ජර්මනිය තුළ භාවිත කරන lycamobile පෙර ගෙවුම් පත් කාඩ්පත්වලට නවශ්‍ය ලෙස ණය කිරීම් නොකරන ලෙසයි ඒ හරහා අදාළ දුරකථන සමාගම බංකොලොත් වීමෙන් තමන්ට සිදු වන හානිය අවම කරගත හැකි බවත් එම වාර්තාවේ පෙන්වා දෙනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... https://chat.whatsapp.com/FiIiGfetZTj5OejWQCHzju