එකවරම සිදු වූ දෙයකින් ළුෑණු මිල ඉහළ නගී?..
රජයේ පොහොර සහනාධාර මුදල් ලබා නොදීම හේතුවෙන් පොළොන්නරුව ඇලහැර ප්‍රදේශයේ බී ළුෑණු ගොවීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව වාර්තා වනවා.
ඔවුන් ඉල්ලා සිටින්නේ බී ළුෑණු වගාවට භාවිතා කරන කෘෂි රසායනික ද්‍රව්‍යවල මිලද ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇති බැවින් රජය තමන්ට සහන මිලට පොහොර ලබාදීමට කටයුතු කරන ලෙසයි වාර්ෂිකව මෙරට බී ළුෑණු අවශ්‍යතාවෙන් ඉහළ නිෂ්පාදනයක් ලබා දෙන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර ව්‍යාපාරයේ බී ළුෑණු ගොවීන් මේ දිනවල සිය වගාවන් සඳහා භූමි සකස් කරමින් සිටිනවා.
මෙවර යළ කන්නයේ ඇලහැර ව්‍යාපාරයට අයත් බකමූණ ,සරුබිම,බටුහේන,නිකපිටිය, ගගේ යාය ඇතුළු ගම්මාන රැසක අක්කර 1500කට ආසන්න වගා බිම් ප්‍රමාණයක ගොවීන් 500කට වැඩි පිරිසක් වගා කටයුතුවලට අවතීර්ණ තිබීම ද විශේෂත්වයක්.
නමුත් ඔවුන් පවසන්නේ රජයේ පොහොර සහනාධාර මුදල් ලබා නොදීම හා බී ළුෑණු වගාව සඳහා භාවිත කරනු ලබන කෘෂි රසායනික ද්‍රව්‍යවල මිල ඉහළ යාම හමුවේ ඔවුන් මේ වනවිට දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවයි පැවසෙන්නේ.
මෙවර යල කන්නයට මහවැලි එච් කලාපයේ ගොවින්ට ජලය නිකුත් කිරීම පසුගිය අප්‍රේල් මාසයේදී ආරම්භ කළ අතර ඒ අනුව ගොවීන් සිය වගා කටයුතු ආරම්භ කළා ය.
වගාව ආරම්භ කර සති දෙකක් ගතවන විට දිගින් දිගටම වර්ෂාව පතිතවීම හේතුවෙන් එම වගාවන් විනාශවීමේ අවධානමකට ලක් වීමද විශේෂත්වයක්.
පසුව ගොවීන් දෙවන වතාවටද විශාල මුදලක් වැය කර බඩ ඉරිගු, සෝයා සහ උඳු වගා කළ ද මේ වන විට එම වගාවන්වලට වෛරස් රෝගයක් වැළඳීම හේතුවෙන් අක්කර දහස් ගණනක වගාව සම්පූර්ණයෙන් විනාශවීමේ අවදානමක් මතුව තිබෙන බවයි පැවසෙන්නේ.
මේ හේතුවෙන් සිය වගාවට ගිනි තබා විනාශ කිරීමටයි පියවර ගෙන ඇති බවයි ගොවීන් පවසන්නේ.