ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න නව හමුදාපති ලෙස පත් කෙරේ
By R.rishma
මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ නව හමුදාපතිවරයා ලෙස පත් කර තිබේ.
මෙම පත්කිරීමත් සමඟ ඔහු ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කරනු ලැබේ.
මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා, මෙම පත්කිරීමට පෙර ශ්‍රී ලංකා යුද හමුදාවේ 69 වන මාණ්ඩලික ප්‍රධානියා ලෙස සේවය කළේය.
පාඨමාලා අංක 34 යටතේ ශ්‍රී ලංකා යුද හමුදාවට එක් වූ ඔහු, යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කර ඇති අතර, දීර්ඝ හමුදා සේවා අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස සැලකේ.