චාමික පන්දු 02කින් ජැෆ්නා කිංග්ස් කනපිට ගසයි..කවුරුත් පුදුම කරමින් සිදු වූ දේ.

Sri Lanka Cricket Sri Lanka Chamika Karunaratne
By Aruna Dec 11, 2022 01:54 AM GMT
Report

20 වැනි පන්දු ඕවරයේදී චාමික කරුණාරත්න එල්ලකළ සුපිරි හයේ පහර දෙක හේතුවෙන් ජැෆ්නා කිංග්ස් පරදා තියුණු ජයක් වාර්තා කිරීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණා.

මෙම LPL තරගය නුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි.

එහිදී පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 147ක් ලබාගැනීමට සමත් විය.

ඊට පිළිතුරු ලෙස කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 148ක් ලබා ගනිමින් තරගය ජය ගැනීමට සමත් වුණි.

අශේන් බණ්ඩාර ලකුණු 44යි. චාමික කරුණාරත්න පන්දු 16කදී නොදැවී ලකුණු 26යි.

ඒ අනුව තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට කැන්ඩි ෆැල්කන්ස් සමත් විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now