ඊයෙ රෑ LPL උණුසුම් කරමින් සිදු වූ විශේෂ දේ මෙන්න..වනිඳු හඬවමින් චරිත් පෙරට එයි.(PHOTOS)
ලංකා ප්‍රිමියර් ලීග් 2024 දෙවැනි අවසන් පූර්ව තරගය වන Jaffna Kings කණ්ඩායම සහ Kandy Falcons කණ්ඩායම් අතර අද (20) පැවති තරගයේ ජය වාර්තා කිරීමට Jaffna Kings කණ්ඩායම ඊයේ රාත්‍රී සමත් වුණා.
ඒ එක් ලකුණකින් Kandy Falcons කණ්ඩායම පරාජයට පත් කරමින් වීම විශේෂත්වයක්.
ඒ අනුව අද(21) දිනයේදී ගාල්ල මාවලස් කණ්ඩායම සමග පැවැත්වෙන අවසන් තරගයට Jaffna Kings සුදුසුකම් හිමිකරගනු ලැබීය.
ඊයේ රත්‍රියේ පැවති තරගයේ කාසියේ වාසිය හිමිකරගත් Kandy Falcons කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.
ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි Jaffna Kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 187ක් ලබා ගැනීමට සමත් විය.
පන්දුවට පහරදීමේදී Pathum Nissanka ලකුණු 18ක්ද, Avishka Fernando ලකුණු 11ක්ද, Rilee Rossouw ලකුණු 07ක්ද,Azmatullah Omarzai ලකුණු 26ක්ද, අගනා ඉනිමක් ක්‍රීඩාකළ Kusal Mendis නොදැවී ලකුණු 105ක්ද රැස් කිරීමට සමත් වුණේ ඉහළ ජයග්‍රාහී ලකුණු පුවරුවක් වෙත කණ්ඩායම ගෙන යමින්.
පන්දු යැවීමේදී Chaturanga de Silva,Mohammad Hasnain සහ Ramesh Mendis කඩුළු 02 බැගින්ද, Wanindu Hasaranga එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් විය.
අනතුරුව ලකුණු 188ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි Kandy Falcons කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී රැස්කරගත හැකිවුණේ ලකුණු 186ක් පමණයි.
මෙහිදී Andre Fletcher ලකුණු 38ක්ද, Kamindu Mendis ලකුණු 32ක්ද, Mohammad Haris ලකුණු 26ක්ද, නායක Wanindu Hasaranga ලකුණු 13ක්ද,Angelo Mathews ලකුණු 18ක්ද රැස් කර ගැනීමට සමත් වුණා.
මේ අනුව, චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් Jaffna Kings කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%