පෙම්වතුන් කුලියට දීමට සුවිශේෂී වෙබ් අඩවියක් - රජයෙන් අනුමැතිය

Japan
By Sewvandhi Jul 23, 2023 09:59 AM GMT
Report

පසුගිය වසර 5 තුළ ජපානයේ තනිව ජීවත් වන තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබීම හේතුවෙන්,ජපානයේ රජය පෙම්වතුන් කුලියට දීම සඳහා වෙන් වූ වෙබ් අඩවියක් නිර්මාණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,මේ තත්ත්වය තුළ කුලියට පෙම්වතුන් හඳුන්වා දීමේ සැලසුමක් ජපාන රජය විසින් ඉදිරිපත් කර ඇති බවයි.

ජපානයේ බොහෝ තරුණ තරුණියන් පෙම්වතුන් සොයා නොයෑමෙන් මානසිකව හෙම්බත් වී සිටින බවත් ඒ අනුව පෙම්වතුන් කුලියට දීමේ ව්‍යාපෘතියට එරට රජය අනුමැතිය ලබා දී ඇති බවයි, ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙහිදී පැයකට හෝ දෙකකට පෙම්වතියක් හෝ පෙම්වතෙක් කුලියට ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මේ සඳහා අදාළ වෙබ් අඩවියට අත්තිකාරම් මුදලක් ගෙවිය යුතු බවයි වාර්තා වන්නේ.