ඔබත් අහිමි වූ ආදරය නිසා හඬා වැළපෙන කෙනෙක්ද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න.

By Wayomi Jul 18, 2022 07:29 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ආදරය ඉදිරියේ හැමෝම අන්දයි..බොළඳයි කියන කතාව ඇත්ත. ආදරය සෙනෙහසට පුළුවන් ගල් වගේ හිත් පවා උණු කරන්න. හැබැයි වැඩිපුරම ඉන්නේ ආදරය නිසා හඬා වැළපෙන, වැළලෙන අය.

ආදරයක් අහිමි වුණාම සත්‍ය ප්‍රේම බුංගරාජයෙකුට නම් ඒ අහිමි වීම දරාගන්න හරි අමාරුයි. සමහරු ජීවිත කාලය පුරාවටම පිස්සන් කොටුවල, තවත් සමහර ජීවිත අකාලයේ පස් යට වැළලෙනවා. හැබැයි ඔය අතරේ, අහිමි වූ ආදරය, ඒ මතකයන් විඳදරාගෙන ශක්තිමත්ව යළි නැගීසිටින මිනිසුන් සහ අත්හැරීම තුළින් සැනසීම සොයන මිනිසුන් නැතුවාම නෙවෙයි.

ආදරය අහිමි වූ බොහෝ පෙම්වතුන්..පෙම්වතියන් ගොඩක් වෙලාවට මානසික ආතතියට පත් වෙනවා. හරියටම කියනවා නම් depression තත්වයට පත්වෙනවා. එතකොට තමයි ගොඩක් දෙනෙක් අකාලයේ ජීවිත අහිමි කරගන්නේ. හැබැයි ඔබ මතක තියාගන්න අපි අපි ගැනවත් හිතන්නේ නැතිව පණ ඇරලා ආදරේ කරන හැමෝම අපිට ආදරේ නැති බව. ඇත්තටම බැලුවොත් ඒක ලෝක ධර්මයක්. ආදරේට ආදරේ කරන කෙනෙක් ලබන්න නම් පින තියෙන්නම ඕන.

ඔබ දවස් ගණන් නොකා නොබී හඬා වැළපුණාට දාලා ගිය අය ආයේ එන්නේ නැහැ. ඔබ ඔහොම ඉද්දි කණ්නාඩියක් ඉස්සරහට ගිහින් බලන්න ඔබේ ලෙඩ මුහුණ..මුහුණ අවලස්සන වෙලාද කියලා. ඔබ කැත වෙලාද කියලා. ඒ නිසා තවත් කෙනෙක්ට ආදරේ කරන්න කලින් ඔබ ඔබට ආදරයේ කරන්න පුරුදු වෙන්න. ඒ වෙනුවෙන් මේ වගේ positive විදිහට අලුතින් ජීවිතය පටන් ගන්න.   

? විශේෂ වැඩක් නැති වුණත් උදේම නැගිටින්න පුරුදු වෙන්න.

? ජීවිතේ දිනන්න ඕන කියන හැඟීමක් ඇති කරගන්න. ඔබව දාලා ගිය අයට පෙන්න සාර්ථක වන බවට අදිටන් කරගෙන නව අරමුණට වැඩ කරන්න.

? ලස්සනට අදින්න, පළදින්න.

? ඔබේ චරිතය විතරක් නෙවෙයි රූපය ලස්සන කරගන්න එක ගැනත් හිතන්න. ඒ වෙනුවෙන් කැපවෙන්න.

? ආස දේවල් ඉගෙන ගන්න.

? තනිවම හෝ යහළුවන් සමඟ ආස තැන් වල ඇවිදින්න යන්න.

? හිතේ කාංසිය දුක මකා ගන්න සුරතල් සතෙක් ඇතිකරන්න.

? ලද දෙයින් සතුටු වන්න. ඔබට ලැබිලා තියෙන දේවල් වලට හදවතින්ම ස්තූතිවන්ත වන්න.

? ඔය ඉන්න අතරේ තම ආගම දහමට අනුව අධ්‍යාත්මිකව සිතට සැනසීමක් හොයන්න.

? නිතරම අසරණ අයට, උදව් අවශ්‍ය අයට ඔබට පුළුවන් විදිහට උදව් කරන්න. ආදරය කරන්න. ඔබ හොඳින් හිටියොත් ඉක්මනට නැති වුණත් කවදා හෝ දිනක ඔබට හොඳක් සිද්ධ වේවි.

? හැමදේම වෙන්න හොදටයි කියලා හිතන්න. සමහර දේවල් තියෙනවා ඒ දේවල් අපට අහිමි වෙන්නේ ජීවිතයට පාඩමක් කියලා දෙන්න වගේම ඊට වඩා හොඳ දෙයක් ලැබෙන්නයි.  


Start looking for yourself again.



ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW