රේස් ගිය ලොරි රථ දෙකක් ඇළකින් පහළට පෙරළී යයි..රියදුරන්ට බරපතලයි..
Police spokesman
Sri Lanka Police
Sri Lanka
Accident
By Aruna
වවුනියාවේ පරනාට්ටකල් ප්‍රදේශයේදී ලොරි රථ දෙකක් මුහුණට මුහුණ ගැටීම නිසා එම ලොරි රථ දෙක ඇළකින් පහළට පෙරළී යාම නිසා රියැදුරන් දෙදෙනාම බරපතළ තුවාල ලබා ඊයේ (22) වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබෙන පුවතක් වාර්තා වනවා.
පොලිසිය පැවසුවේ, පරනාට්ටකල් ගම්මානයේ පටු මාර්ගයක් ඔස්සේ මෙම ලොරි රථ දෙක අධික වේගයෙන් ධාවනය කොට ඇති අතර එක් ලොරි රථයක් හෝ වේගය පාලනය කර නොගැනීම නිසා මෙම අනතුර සිදු වී තිබෙන බවයි.
තුවාල ලැබූ රියැදුරන් දෙදෙනාගේම තත්ත්වය බරපතළ බවයි, වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කළේ.
මේ අතර, එක් රියැදුරකු පෙරළී ගිය ලොරි රථයට යට වී තිබෙන බව වාර්තා වේ.
ගම්වාසීන් විසින් ඔවුන් අනතුර සිදු වූ ස්ථානයෙන් ගලවා ගෙන රෝහල්ගත කොට තිබෙන අතර, වවුනියාව ඕමන්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.