ලොකු පැටී එළැඹෙන 04 වැනිදා දක්වා යළි රිමාන්ඩ්
ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින පාතාල කල්ලි නායකයෙකු වන සුජීව රුවන් කුමාර ද සිල්වා හෙවත් "ලොකු පැටී" එළැඹෙන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කළේය.
මෙම නියෝගය ලබාදුන්නේ සැකකරුගේ රැඳවුම් නියෝගය අවසන් වී අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
ලොකු පැටී පසුගිය මැයි 04 වැනිදා බෙලරූස් රාජ්‍යයේ අත්අඩංගුවේ සිට දිවයිනට රැගෙන ආ අතර, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් ඔහු සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලදී.
දින 90ක රැඳවුම් කාලය තුළ ඔහු සතු ගිනිඅවි සහ දේපළ පිළිබඳ වැදගත් තොරතුරු රැසක් විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කර ගන්නා ලදී.
එම රැඳවුම් කාලය 04 වැනිදා අවසන් වීමට නියමිතව තිබුණද, පාතාල කල්ලි රැසකින් ඔහුට එල්ල වූ තර්ජන හේතුවෙන් විමර්ශන නිලධාරීන් අද ඔහුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළහ. ඒ අනුව, ලොකු පැටී එළැඹෙන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.