දින කිහිපයකට පෙර නව පත්වීමක් ලැබූ අමාත්‍ය ලොහාන් රත්වත්තේ හදිසියේම ඉල්ලා අස්වෙයි.
                                    
                    Lohan Ratwatte
                
                                                
                    Ranil Wickremesinghe
                
                                                
                    Sri Lanka Politician
                
                                                
                    Government Of Sri Lanka
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    මීට දින 5 කට පෙර වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිය රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක ඊයේ දිනයේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ,පසුගිය 29 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.
කෙසේ වෙතත් පසුගිය 29 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලොහාන් රත්වත්තේගේ පත්වීම හා ඉවත්වීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා අතිවිශේෂ ගැසට් නිවේදන 2ක් නිකුත් කර ඇත.
එහි පළමු ගැසට් නිවේදනයේ දැක්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය 29 වැනිදා සිට ලොහාන් රත්වත්තේ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයට පත්කර ඇති බවයි
                
                