සහල් මිල පහලට - සිදු වන වෙනස..?
Import
B K Ranjitha
Mahadhagaha mula
Local market
By Sewvandhi
ආනයනික සහල් හේතුවෙන් දේශීය සහල් අලෙවිය සහ මිල පහළ ගොස් ඇති බව මරදගහමුල සහල් නිෂ්පාදයින්ගේ සංගමය පවසනවා.
එහි සභාපති බී.කේ. රංජිත් විමසීමකදී කියා සිටියේ රජය සහල් ආනයනය කිරීම හේතුවෙන් පාරිභෝගිකයන් රැසක් ආනයනික සහල් මිලදී ගැනීමට පෙළඹී ඇති බවයි.
මෙම තත්ත්වය මත දේශීය සහල් අලෙවිය සියයට 60 කින් පහළ ගොස් තිබෙනවා. එමෙන්ම, දේශීය සහල් මිලද යම් අඩුවීමක් දක්නට ලැබෙන බවයි මරදගහමුල සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |