පෞද්ගලික අංශයත් නිවසේ සිට වැඩ කළ යුතුයි - කම්කරු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්..!

Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Jun 18, 2022 01:29 PM GMT
Report

පවතින ඉන්ධන අර්බුදය හමුවේ නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස පෞද්ගලික අංශයෙන් ඉල්ලීමක් කර ඇති බව කම්කරු අමාත්‍යාංශය පවසනවා. 

  අමාත්‍යාංශයේ ලේකම් ඒ. විමලවීර ප්‍රකාශ කළේ රාජ්‍ය අංශය සම්බන්ධයෙන් ගන්නා තීරණ සාමාන්‍යයෙන් පෞද්ගලික අංශයට කිසිසේත්ම බලපාන්නේ නැති බවයි.

කෙසේ වෙතත් රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ පවතින තත්ත්වය සමනය වනතුරු රජයට අවශ්‍ය සහය ලබාදෙන ලෙස පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටින බවයි අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේ.

ආයතනික කටයුතුවලට බාධාවක් නොවන පරිදි සුදුසු වැඩපිළිවෙළක් අනුගමනය කරන ලෙස රජය පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටින බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now