සජීවී ලිංගික දර්ශන චීන සමාගමකට දුන් තරුණ අඹුසැමි ජෝඩු දෙකකට සිදු වූ දේ. - තවත් තොරතුරු රැසක් එළියට. - (PHOTO)

Sri Lanka Police
By Wayomi Jun 16, 2024 01:41 PM GMT
Report

චීන සමාගමකට ලිංගික දර්ශන සජීවීව අන්තර්ජාලය හරහා යොමු කළ මහා පරිමාණයෙන් මුදල් ඉපයීමේ ජාවාරමක නිරත වූ තරුණ අඹුසැමි ජෝඩු දෙකක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

20 වනදා සිට පාසල් රැසකට නිවාඩු. - එම පාසල් මෙන්න.

20 වනදා සිට පාසල් රැසකට නිවාඩු. - එම පාසල් මෙන්න.


ඔවුන් එම කාර්යය සඳහා යොදාගත් ඇස් ආවරණ සහිත වර්ණ වෙස් මුහුණු ,අයිස් කැප් මුහුණු ආවරණයක් , කාන්තාවන් ස්වයං වින්දනය සඳහා යොදා ගන්නා රබර් උපකරණයක් ,ආලෝක කරන ෆ්ලැෂරයක් ,ජංගම දුරකථන රූගත කිරීම සඳහා පරිහරණය කරන රඳවන එක්තරා ඇප් එකක් අඩංගුව තිබූ ස්මාට් වර්ගයේ ජංගම දුරකථන දෙකක් ,සුදු පැහැති ක්‍රීම් අඩංගු ඇසුරුම් ,අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 25 ක් හා ගංජා මිශ්‍රිත මදන මුහුදක ගුලි දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගත් එක් තරුණු යුවළක් පමණක් අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා මිශ්‍රිත මදන මෝදක ගුලි පාවිච්චි කරන බව ද අනාවරණය වී ඇති බවයි පිළියන්දල පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

බලන්න ඇයව අදුරනවා ද කියලා.? - ශ්‍රී ලංකා රූ රැජිනක් ජනප්‍රිය Netflix කතා මාලාවක. - (PHOTO)

බලන්න ඇයව අදුරනවා ද කියලා.? - ශ්‍රී ලංකා රූ රැජිනක් ජනප්‍රිය Netflix කතා මාලාවක. - (PHOTO)


පිළියන්දල බටකැත්තර, කෝංගහවත්ත පාර, දෙවන පටුමග කුලී නිවසක පදිංචි තරුණ අඹුසැමි ජෝඩු දෙකක ක්‍රියා කලාපය සැක සහිත බව පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතාට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

අදාළ තොරතුර සම්බන්ධයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව අලුත් ගෙදර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අදාල නිවස සොයාගෙන පොලිස් නිලධාරීන් බව පවසා නිවසේ දොරට තට්ටු කර විවෘත කිරීමෙන් අනතුරුව නිවස තුළට යාමේදී කාමරයක සිට පිටතට පැමිණි කතුන් දෙදෙනා අඩ නිරුවතින් සැරසී සිටින අයුරු දැක ගැනීමට හැකි වී ඇත.

කෙහෙළියගේ ආන්දෝනාත්මක ඉමියුනොග්ලොබියුලින් නිෂ්පාදනයට මෙරටට ගෙනා අමුතු ගැජමැටික්ස්.

කෙහෙළියගේ ආන්දෝනාත්මක ඉමියුනොග්ලොබියුලින් නිෂ්පාදනයට මෙරටට ගෙනා අමුතු ගැජමැටික්ස්.


එහි සිටි තරුණයන් දෙදෙනාව සහ තරුණියන් දෙදෙනාව බිම හිඳුවා පොලිස් නිලධාරිනිය ඇතුළු නිලධාරීන් කාමරය පරික්ෂා කිරීමේදී එහි ඇඳ මත ඇස් ආවරණ සහිත වෙස් මුහුණු ,ක්‍රීම් වර්ගයක් අඩංගු ඇසුරුමක්, කාන්තාවන් ස්වයං වින්දනය සඳහා යොදා ගන්නා රබර් උපකරණයක් මෙන්ම ඇඳ අසලම ආලෝක කරන ප්ලෑෂරයක් හා ජංගම දුරකථනයක් රැඳවූ රඳවනයක්ද තිබූ බව පොලිසිය කියා සිටියේ.

අත්අඩංගුවට ගත් තරුණ අඹුසැමි ජෝඩු දෙකෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී කොල්ලුපිටියේ පදිංචි තරුණ යුවළ විසින් ඉකුත් මාර්තු මාසයේදී මොරටුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් මෙම නිවස මසකට රුපියල් 25000/= බැගින් කුලී පදනම මත රුපියල් ලක්ෂයක අත්තිකාරම් මුදලක් ලබා දී නිවස ලබාගෙන පදිංචියට පැමිණ ඇති බවක් නිවෙස් හිමියාට පවසා ඇත්තේ අන්තර්ජාලය හරහා ව්‍යාපාර කටයුතු සිදුකරන බව පවසමින් බවයි වාර්තා වන්නේ.

පොලීසියේ නිලධාරීන්ට මාසිකව ගෙවන අලුත්ම ගාස්තු ලිස්ට් එක මෙන්න.

පොලීසියේ නිලධාරීන්ට මාසිකව ගෙවන අලුත්ම ගාස්තු ලිස්ට් එක මෙන්න.


ඉන් මසකට පමණ පසු බුලත්සිංහල හල් වතුර ප්‍රදේශයේ පදිංචි අනෙක් යුවළ මෙම නිවසට පැමිණ ඇති අතර නිවස කුලී පදනම මත ලබාගත් තරුණ යුවළ මෙම ජාවාරම සඳහා යොමුව ඇත්තේ මෘදුකාංගයක් හරහා බවත් අනෙක් යුවළ යොමුවී ඇත්තේ මුහුණු පොත හරහා බවත් අනාවරණය වී තිබෙනවා.

කුලී නිවසේ ඉදිරිපස කාමරය මේ සඳහාම විදුලි ආලෝක සවිකර සකසා ඇති අතර වරෙක අඹු සැමියන් අතර සජීවි ලිංගික දර්ශන මෙන්ම තවත් වරෙක කාන්තාවන් දෙදෙනා අතර ලිංගික දර්ශන සජීවී ලෙස අන්තර්ජාලය හරහා අදාල චීන සමාගම වෙත යොමු කරන බවත් එම අවස්ථාවලදී කිසිදු බාහිර ශබ්දයක් එම සජීවී දර්ශනයට හෝ ඊට සම්බන්ධ ශබ්දයට බාධාවන ලෙස අඩංගු නොවීමට වගබලා ගත යුතු බවත් එසේ වුවහොත් තමන්ව නෙරපා හරින බවද සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.

ආයේ ඉතින් රස්තියාදු වෙවී හිටපු කාලය ඉවරයි. - දුම් සහතිකයයි අදායම් බලපත්‍රයයි දෙකම එකම තැනකින් ගන්න හැටි.

ආයේ ඉතින් රස්තියාදු වෙවී හිටපු කාලය ඉවරයි. - දුම් සහතිකයයි අදායම් බලපත්‍රයයි දෙකම එකම තැනකින් ගන්න හැටි.


බහුතරයක් අවස්ථාවලදී අදාල සමාගම නොමග යැවීම සඳහා ක්‍රීම් වර්ග පරිහරණය කරන බව සැකකරුවන් පොලිසිය හමුවේ පවසා ඇත.

වෙනත් රැකියාවක යෙදි මේ ආකාරයෙන් මුදල් සෙවීමට නොහැකි බැවින් දවසෙන් වැඩි වේලාවක් දිවා රාත්‍රී දෙකේම මාරු ක්‍රමයට සජීවී ලිංගික දර්ශන අන්තර්ජාලය හරහා මුදා හරින බවත් ඒ හේතුවෙන් තමන්ගේ බැංකු ගිණුමට ඩොලර් වලින් බැර වන බවත් මෙහි දී අනාවරණය වී තිබෙනවා.

ඒ, අනුව මෙමඟින් සතියකට ලක්ෂයකට අධික මුදලක් ගිණුමට බැර වන බව ද අත්අඩංගුවට පත් වූ පිරිස පවසා ඇත.

වයස 22,23,26,27 පසුවන සැකකාර අඹුසැමි ජෝඩු දෙක වෙළඳාම පිණිස මහජන ප්‍රදර්ශනය සඳහා අසභ්‍ය දර්ශන නිෂ්පාදනය කිරීම සහ අපනයනය කිරීම යන චෝදනා යටතේ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.   


Gallery