ලිටන් දාස්ට ආසියානු කුසලානය අහිමිවෙයි..

Cricket Bangladesh Bangladesh Cricket Team
By Sewvandhi Aug 30, 2023 09:48 AM GMT
Report

උණ රෝගී තත්ත්වයක් ඇති වී තිබීම හේතුවෙන්, බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස කටයුතු කරන ලිටන් දාස්ට ආසියානු ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිබේ.

හෙට (31) බංගලාදේශය සහභාගි වීමට නියමිත පළමු තරගය ශ්‍රී ලංකාව සමඟ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

එමෙන්මල්, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නකු ලෙස කටයුතු කරන ලෝකේෂ් රාහුල්ට ද ආසියානු කුසලානයේ තරග දෙකක් අහිමි වී තිබේ.

ආබාධ තත්ත්වය සුව නොවීම නිසා ඔහුට තරග 02ක් අහිමි වන බව ඉන්දීය පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් සඳහන් කර ඇත.