ලිට්‍රෝ ගෑස් මිල ඉහළට - නව මිල ගණන් දැන ගැනීමට මෙතනින් පිවිසෙන්න..

Litro Gas Litro Gas Price
By krishani Feb 05, 2023 05:39 AM GMT
Report

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා ඇත.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක් බරැති ගෑස් සිලින්ඩරයක් රුපියල් 334කින් ඉහළ දැමෙනු ඇත.

දැනට කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයක මිල දැක්වෙන්නේ රුපියල් 4409ක් ලෙසින් වන අතර ඉහළ යාමත් සමග එය 4743ක් වේ.

කිලෝග්‍රෑම් 5ක් බරැති ගෑස් සිලින්ඩරයක දැනට පවතින මිල වන්නේ රුපියල් 1770ක් වන අතර රුපියල් 134කින් ඉහළ දැමීමත් සමග එහි නව මිල 1904ක් බවට පත් වේ.

රුපියල් 61කින් ඉහළ දමා ඇති කිලෝග්‍රෑම් 2.3ක් බරැති ගෑස් සිලින්ඩරයේ නව මිල වන්නේ රුපියල් 883ක් වේ.

ලෝක වෙළඳපොලේ ගෑස් මිල උච්චාවචනයන් සැළකිල්ලට ගෙන මෙම සංශෝධනයන් සිදුකර ඇති බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මේ වනවිට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේ දී සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join