ලිට්‍රෝ ගෑස් ගැන සමාගමෙන් විශේෂ ප්‍රකාශයක්..

Litro Gas
By krishani Nov 28, 2022 08:12 AM GMT
Report

රට තුළ ගෑස් හිඟයක් සිදුවීමට කිසිසේත් ඉඩ නොතබන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද(28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ ය.

ඔක්තෝබර් සහ සැප්තැම්බර් මාසයේ ගෑස් මිලදී ගැනීමේ විශාල අඩුවක් නිරීක්ෂණය වූ බවත් පසුගිය මාසවලට සාපේක්ෂව ඊට වඩා වැඩි සැපයුම් ධාරිතාවකින් එළඹෙන උත්සව සමයේ සිට ඉදිරි නව වසරට ලක්ෂයක ධාරිතාවෙන් ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join