අගෝස්තු මාසයේ ලිට්‍රෝ ගෑස් මිල ගණන් මෙන්න

Litro Gas Litro Gas Price Latest Headlines Sinhala news Special Announcement
By R.rishma Aug 06, 2026 10:19 AM GMT
Report

අගෝස්තු මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කර ඇත.

ඒ අනුව එම සමාගම දන්වා ඇත්තේ, ජාත්‍යන්තර වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද, පාරිභෝගික ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණින් අගෝස්තු මාසයේදී ගෑස් මිල ඉහළ නොදැමීමට තීරණය කළ බවයි.

එබැවින් 2026 අගෝස්තු මාසය සඳහා දැනට පවතින මිල ගණන්ම වලංගු වේ. 

ඒ අනුව,

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් -රු. 4,465

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් - රු. 1,792

කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් - රු. 835

වශයෙන් අඛණ්ඩව පවතින බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වැඩිදුරටත් දැනුම් දී තිබේ.