ලිට්‍රෝ ගෑස් මිල ගැන විශේෂ තීරණයක් - අලුත් මිල ගණන් මෙන්න

Litro Gas Litro Gas Price Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Nov 01, 2026 05:40 AM GMT
Report

නොවැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල ගණන් සංශෝධනය නොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් වුවද, පාරිභෝගික ජනතාවට සහනයක් සැලසීමේ අරමුණින් මෙම තීරණය ගත් බව සමාගම සඳහන් කරයි.

ඒ අනුව, නොවැම්බර් මාසය පුරාද දැනට පවතින මිල ගණන් යටතේ ලිට්‍රෝ ගෑස් අලෙවි කිරීමට නියමිතය.

දැනට ක්‍රියාත්මක ලිට්‍රෝ ගෑස් මිල ගණන් පහත පරිදි වේ.

  • කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරය - රු. 4,365
  • කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරය - රු. 1,750
  • කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරය - රු. 815  

ඒ අනුව, නොවැම්බර් මාසයේදීත් පාරිභෝගිකයන්ට මෙම මිල ගණන් යටතේ ලිට්‍රෝ ගෑස් මිලදී ගැනීමට හැකියාව ලැබේ.  

Litro Gas Price by Rishma