ලිට්රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

Litro Gas Litro Gas Price Latest Headlines Sinhala news Puwath.lk
By Shehan Aug 01, 2025 09:53 AM GMT
Report

අගෝස්තු මාසය සඳහා ලිට්රෝ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ලිට්රෝ ආයතනය නිවේදනය කර ඇත.

ඒ අනුව, ලිට්රෝ ගෑස් බහාලුම් වත්මන් මිලටම අඛණ්ඩව අලෙවි වේ.

කිලෝග්‍රෑම් 12.5ක ලිට්රෝ ගෑස් බහාලුමක මිල රුපියල් 3,690.

කිලෝග්‍රෑම් 5ක ලිට්රෝ ගෑස් බහාලුමක මිල රුපියල් 1,482.

කිලෝග්‍රෑම් 2.3ක ලිට්රෝ ගෑස් බහාලුමක මිල රුපියල් 694.

මේ අතර, ලාෆ්ස් ගෑස් පීඑල්සී ද අගෝස්තු මාසය සඳහා ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් නොකරන බව නිවේදනය කර ඇත.

ලාෆ්ස් ගෑස් අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා අද (01) මෙම නිවේදනය සිදු කළේය.