ලිට්‍රෝ ආයතනයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි..

Sri Lanka Litro Gas
By krishani Sep 13, 2022 04:07 AM GMT
Report

ගෑස් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව සහ ජාත්‍යන්තර මිලදී ගැනීමේ දී ලෝක බැංකුවේ මුදල් අවභාවිතා කළ බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ලිට්රෝ ආයතනය පවසයි.

පූර්ණ විනිවිදභාවකින් යුතුව කටයුතු කරන බවත් ලෝක බැංකු අධීක්ෂණයට අනුකූලව සහ අමාත්‍ය මණ්ඩලය මෙන්ම රාජ්‍ය භාණ්ඩාගාරයේ අධීක්ෂණය යටතේ ගනුදෙණු සිදුකරන බවත් එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළ අතර මුදල් අවභාවිතා වන බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ද එම ආයතනය සදහන් කළේ ය.