වෙළඳපොළට ගෑස් නිකුත් කිරීම ගැන, ලිට්‍රෝ සමාගමෙන් විශේෂ නිවේදනයක්..!

Sri Lanka Economic Crisis Sri Lanka Litro Gas
By Sewvandhi Nov 27, 2022 09:22 AM GMT
Report

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, උත්සව සමය තුළ පවතින අධික ඉල්ලූමත්,ඇනවුම් කර ඇති ගෑස් නෞකාව දිවයිනට පැමිණීම ප්‍රමාද වීමත් හේතුවෙන් ලබන බදාදා දිනය තෙක් ගෑස් වෙළෙඳ පොළට සීමා සහිතව නිකුත් කරන බවයි. 

කෙසේවෙතත් ලබන 30 වන දින වන විට ගෑස් නෞකා කිහිපයක් දිවයිනට පැමිණීමට නියමිත අතර එම ගෑස් ගොඩබෑමෙන් පසු සාමාන්‍ය පරිදි ගෑස් නිකුත් කිරීමේ කටයුතු සිදුකරන බව මුදිත පීරිස් මහතා සඳහන් කළේය.

"ලිට්‍රෝ ගෑස් ආයතනය විදියට ගෑස්වල හිඟතාවයක් දකින්නේ නෑ. නමුත් දෙසැම්බර් මාසයේ උත්සව සමයත් එක්ක අපි නිරීක්ෂණය කරනවා ඉල්ලුම ඉහළ අගයකට වැඩිවෙමින් පවතිනවා කියන එක. ඒ නිසා දෙසැම්බර් මාසය සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 34,000ක් ඇනවුම් කිරීමට යෙදුනා. 

එයින් එන කොටස බ්‍රහස්පතින්දා වෙනවිට මෙරටට ළඟාවීමට නියමිතයි. එතැනින් එහාට එකදිගටම ජනවාරි වෙනකල් නෞකා එනවා. අපි සීමා සහිතව සිලින්ඩර 42,000ක් විතර මාකට් එකට දුන්නා. සමහර තැන්වල මේක අඩුවක් තියෙන්න පුළුවන්. ඒක හිඟයකට වඩා අපි සීමා සහිතව නිකුත් කරන්නේ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now