ලිටෝ මිල සංශෝධනය සිදුවන දවස ගැන විශේෂ දැනුම්දීමක්..!
වසර කිහිපයකට පසු ඉකුත් ජුලි මාසයේ ලිට්‍රෝ සමාගම ලාභ ලබන ආයතනයක් බවට පත්ව ඇති බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ඉකුත් සමයේ රට තුළ පැවති ගෘහස්ථ ගෑස් සිලින්ඩර හිඟය පියවීම සඳහා පසුගිය දින 22ක කාලය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂ 27ක් පමණ වෙළෙඳපොළට නිකුත් කළ බව ලිට්‍රෝ සමාගම පවසයි.
එමෙන්ම ලෝක වෙළෙඳපොළේ මිලට සාපෙක්ෂව හෙට (08) පස්වරුවේ ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල ගණන් අඩුකිරීම නිවේදනය කරන බවද ලිට්‍රෝ සභාපතිවරයා සඳහන් කළේය.
"වසර ගණනාවක පස්සේ, ලිට්‍රෝ සමාගම ජූලි මාසයේ සුළු සාධාරණ ලාභයක් ලබන ආයතනයක් බවට පත්කරලා තියෙනවා. ඒක සුබදායි පෙරනිමිත්තක් ජනතාවගේ පැත්තෙන්. මොකද රජයට අයිති ජනතාවගේ ආයතනයක් විදියට. පසුගිය වසරවල විශාල ණය ප්‍රමාණයක් වෙලා තියෙනවා ආයතනය රැකගැනීම වෙනුවෙන්. ඒ ණයත් ඉතා සීඝ්‍රයෙන් ගෙවමින් පවතිනවා. ලෝක වෙළෙඳපොළේ මිල ගණන් අනුව හෙට හවස්වරුවේ මිල සහනයක් ජනතාවට ලබාදෙන්න ලිට්‍රෝ සමාගම විදියට."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |