ගෑස් ලබාගැනීමට ගිවිසුම අත්සන් තැබේ..! ලැබෙන ගෑස් ප්‍රමාණය සහ කාලය

Sri Lanka Economic Crisis Litro Gas World Bank
By Sewvandhi Jun 30, 2022 08:32 AM GMT
Report

මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් මෙට්‍රික් ටොන් 100,000ක් ලබාගැනීමට අද (30) ගිවිසුම් අත්සන් කරනු ලැබුවා .

එම මුළු තොගය ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක් වන අතර ලෝක බැංකුව ඒ සඳහා ඩොලර් මිලියන 70 ක අරමුදල් සපයා ඇති අතර ඉතිරි ඩොලර් මිලියන 20 ලිට්‍රෝ සමාගම විසින් ලබා දී තිබෙනවා.

මාස හතරකට මෙම ගෑස් රටට ප්‍රමාණවත් වනු ඇති. ගැස් තොගයෙන් 70%ක් ගෘහස්ථ පාරිභෝගිකයන් වෙත ලබා දීමට නියමිතයි.

මෙයින් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩර මිලියන 5 ක්, කිලෝග්‍රෑම් 5 සිලින්ඩර මිලියන 1 ක් සහ කිලෝග්‍රෑම් 2.5 සිලින්ඩර මිලියන 1 ක් ලබා ගැනීමට ඇස්තමේන්තු කර තිබෙනවා.

ඉතිරි 30% වාණිජ භාවිතය සඳහා ලබා දෙනු ඇති. ඩොලර් මිලියන 20 ක වියදමින් ලිට්‍රෝ සමාගම විසින් ලබා ගන්නා ලද LPG ටොන් 33,000 ක මූලික තොගයක් ජූලි මස මුල් කාලයේ ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now