හෙට දිනයේ ගෑස් බෙදාහැරීම ගැන සමාගමෙන් දැනුම්දීමක්..!

Sri Lanka Economic Crisis Sri Lanka Litro Gas Litro Gas Price
By Sewvandhi May 25, 2022 12:01 PM GMT
Report

හෙට (26) දිනයේත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම දැනුම්දී තිබේ.

ඒ හේතුවෙන් හෙට දිනයේ ද ගෑස් ලබාගැනීම සඳහා පෝලිම්වල රැඳීනොසිටින ලෙසට ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

මේ අතර 24 සහ 25 යන දින දෙකේදී ද ගෑස් බෙදාහැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම මීට පෙර දැනුම්දී තිබුණි. ඒ

අනුව හෙට දිනයත් සමග දින 3ක් අඛණ්ඩව ලිට්‍රෝ ගෑස් බෙදාහැරීමක් සිදු නොවනු ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now