ගෑස් බෙදාහැරීම සම්බන්ධයෙන් ලිට්ට්‍රෝ සමාගමෙන් දැනුම් දීමක්...
අද (18) දිනයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීම සිදු නොවන බව ලිට්ට්‍රෝ සමාගම පවසනවා.
කෙසේවෙතත් ගෑස් නිකුත් කරනු ලබන්නේ වාණිජ අරමුණු සඳහා පමණක් බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අද සිට සාමාන්‍ය පරිදි සිදුකරන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
අවශ්‍ය තරම් ඉන්ධන තොග මේ මොහොතේ රට තුළ පවතින බවයි එම සංස්ථාව පැවසුවේ.
ඒ අනුව බොහෝ ප්‍රදේශවල පැවති ඉන්ධන හිගය අද දිනයේදී අවසන් වනු ඇති බවටද එම සංස්ථාව විශ්වාසය පල කළා.
පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වාද ඒ සම්බන්ධයෙන් අදහස් පල කළා.
මේ අතර ගෑස් බෙදා හැරීමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ලිට්රෝ සමාගමේ ඉහළ නිළධාරීන් අතර සාක්ච්ඡාවක් අද පැවැත්වෙනවා.
ඉකුත් 13 වනදා සිට දින 05ක කාලයක් ගෑස් බෙදා හැරීමේ කටයුතු නතර කර තිබුණා.
ඒ, අලුත් අවුරුදු නිවාඩුව හේතුවෙන්. ලිට්රෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ තෙෂාර ජයසිංහ මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වුණේ ඒ අතරතුරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |