රට පුරා මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් විශේෂ තීරණයක්..!
රට පුරා පිහිටි සංචාරක හෝටල් සහ සංචාරක කලාපවල පිහිටි සංචාරක නවාතැන් සහ සංචාරක සේවා සපයන ආයතන සඳහා මෘදු මන්පැන් නිපදවා ඒවා අලෙවි කිරීමට කොන්දේසිවලට යටත්ව අවසර ලබා දී තිබෙනවා.
සුරාබදු ආඥා පනතේ (52 වැනි අධිකාරිය) 25 වැනි වගන්තිය සමඟ කියැවිය යුතු 32 වැනි වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායිතාකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට ලැබී ඇති බලතල ප්‍රකාරව මෙම තීන්දුව ගෙන තිබෙනවා.
සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා අවශ්‍ය නම්‍යශීලී උපායමාර්ගික ප්‍රවේශයක් ලෙස ක්‍රියාත්මක වන මෙය, රට පුරා පිහිටි සංචාරකයන්ගේ සුවපහසුව පිණිස ආහාර පාන සපයනු ලබන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ ආපනශාලා සහ සංචාරක අධිකාරිය විසින් හඳුනාගෙන ඇති සංචාරක කලාපවල පිහිටි නවාතැන් සහ සේවා සපයන සංචාරක ආයතන වෙත පැවරී තිබෙනවා.
ඒ අනුව එම ස්ථානවලට වයින් හා බියර් ඇතුළු පැසවීම මගින් නිපදවා ගනු ලබන මත්පැන් (මෘදු මත්පැන්) පමණක් කොන්දේසි සහ සීමා කිරීම්වලට යටත්ව අලෙවි කිරීමට ාවසරය එමගින් හිමිව තිබෙනවා.
එසේ ම එම මෘදු මත්පැන් අලෙවිය සඳහා අවශ්‍ය කෙරෙන බලපත්‍රය වාර්ෂිකව රුපියල් 25,000.00 ක මුදranil ලකට යටත්ව අලෙවි කිරීමට නියමිත බව ද ඒ සම්බන්ධයෙන් නිකුත් කොට ඇති නිවේදනයේ සඳහන් වන්නේ. කෙසේ නමුත් මෙම රීති ජුලි මස 28 වැනි දින සිට බලාත්මක වන බව අදාළ නිවේදනයේ සඳහන්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |