මත්පැන් අලෙවිසැල් ගැන මුදල් ඇමතිගෙන් අලුත්ම තීරණයක්

Ranjith Siyambalapitiya Sri Lanka Ministry of Finance Sri Lanka Excise Department of Sri Lanka
By Sewvandhi Oct 19, 2022 01:58 PM GMT
Report

මධ්‍යසාර නිෂ්පාදකයින් විසින් මධ්‍යසාර අලෙවිසැල් පවත්වාගෙන යාම මගින් රජයට අයවිය යුතු බදු මුදල් අහිමිවීම පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සුරාබදු කොමසාරිස්වරයා වෙත නියෝග කර තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සහ මධ්‍යසාර බලපත්‍රලාභීන්ගේ සංගමය අතර මෙම සාකච්ඡාව පැවැති සාකච්ඡාවකදී මෙම නියෝගය සිදුකර ඇත.

එම ආමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ ඇතැම් මධ්‍යසාර නිෂ්පාදකයින් විසින් වෙනසත් ව්‍යාපාර නාම යටතේ සහ සිය ඥාතීන්ගේ හිමිකාරීත්වය යටතේ අලෙවිසැල් පවත්වාගෙන යන බව අද පැවති විශේෂ සාකච්ඡාවකදී අනාවරණය වූ බවය.

මේ අතර මෙම තත්ත්වයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පවතින සුරාබදු පනතට ප්‍රතිපාදන එක්විය යුතු නම් එළඹෙන සුරාබදු පනත් සංශෝධනයේදී ඊට අවශ්‍ය පියවර ගැනීමට සූදානම් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ රා නිෂ්පාදනය සහ රා ප්‍රමිතිය සම්බන්ධයෙන් කටයුතු කිරීම පිළිබද එහිදී විශේෂ අවධානයක් යොමුව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now