තව සති 02කකින් මත්පැන් නැත්තටම නැති වෙයි? සම්පූර්ණ විස්තරය මෙන්න.

Sri Lanka Liquor Bar Wine stores Custom
By Aruna Mar 10, 2022 01:21 AM GMT
Report

ඉන්ධන හිඟය හා විදුලි කප්පාදුව මත එතනෝල් නිෂ්පාදනයට බාධා වීමෙන් මත්පැන් නිෂ්පාදනය නතර කරන බවට පළ වන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ අරක්කු ඇතුළු දේශීය මත්පැන් නිපදවන සුරාබදු බලපත්‍ර ලත් මත්පැන් නිෂ්පාදන 23ක් දිවයින පුරා ක්‍රියාත්මක වන බවයි.

ඒවාට අවශ්‍ය එතනෝල් ඇතුළු අමුද්‍රව්‍ය දේශීය වෙළඳපොළෙන් ලබා ගැනීමේ හැකියාව මේ දක්වා පවතින බවද හෙතෙම පවසයි.

එනිසා මෙම අසත්‍ය සමාජජාල වාර්තා පදනම් කරගෙන නීති විරෝධී ලෙස මත්පැන් එක්රැස් කිරීමට කටයුතු නොකරන ලෙසද ඔහු ඉල්ලා සිටියි.

කෙසේවෙතත් ඉන්ධන හිඟය සහ විදුලිය කප්පාදුව හේතුවෙන් එතනෝල් නිෂ්පාදනයට බාධා පැමිණීම නිසා මත්පැන් නිෂ්පාදනයට ප්‍රමාණවත් එතනෝල් නොලැබෙන බවට නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට පසුගියදා දැනුම් දෙනු ලැබුවා.

සෙවණගල, පැල්වත්ත සහ ගල්ඔය සීනි කර්මාන්ත ශාලා එතනෝල් දේශීයව නිෂ්පාදනය කරන්නේ උක්ගස් භාවිත කරමිනි. තවත් සමාගමක් බඩ ඉරිඟු භාවිත කරමින් එතනෝල් නිෂ්පාදනය කරයි.

කෙසේ වෙතත් ආණ්ඩුව 2020 ජනවාරි මස සිට එතනෝල් ආනයනය අත්හිටුවා ඇත.

ගල්ඔය සීනි කර්මාන්ත ශාලාවේ සාමාන්‍යාධිකාරී වරුණ මදුෂාන් පැවැසුවේ, දෛනිකව එතනෝල් ලීටර් විසිහතර දහසක් (24000) නිපදවන බවයි.

පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවෙන් දෛනිකව ලීටර් විසිදහසක් (20000) සහ සෙවණගල කර්මාන්ත ශාලාවෙන් දෛනිකව ලීටර් දහ අටදහසක් (18000) නිෂ්පාදනය කරයි.

එහෙත් ලංකාවේ ප්‍රදානතම මත්පැන් නිෂ්පාදානාගාරය සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ සිය නිෂ්පාදන සඳහා ලීටර් අසූ දහසකට (80000) වඩා දෛනිකව අවශ්‍ය බවයි.

ගල්ඔය සීනි කර්මාන්ත ශාලාව ඩීසල් හිඟය හා විදුලි කප්පාදුව නිසා ජෙනරේටර් කුලී පදනම මත ලබා ගැනීම හේතුවෙන් අමතර වියදමක් දැරීමට ද සිදුව ඇති බව අනාවරණය වේ.

කෙසේවෙතත් නියමිත පරිදි එතනෝල් නොලැබුණහොත් මාර්තු 22 වැනි දින සිට මත්පැන් නිෂ්පාදනය නතර කරන බවද මෙරට ප්‍රධානම මත්පැන් නිෂ්පාදනාගාරය සුරාබදු දෙපාර්තමෙන්තුවට දැනුම් දී තිබේ.

කෙසේවෙතත් මත්පැන් නිෂ්පාදනය නතර කරන බවට පළ වන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now