මධ්‍යසාර භාවිතය ගැන රටටම සුභ ආරංචියක්..ලංකාවට සිදු වූ දේ මෙන්න..

Sri Lanka Government Of Sri Lanka Bar Association of Sri Lanka Businessman
By Aruna Sep 07, 2023 03:55 AM GMT
Report

මෙරට ජනගහනයෙන්, බහුතරයක් එනම් සියයට 70 දශම 9 ක් පසුගිය මාස 12 තුළ කිසිදු මධ්‍යසාර වර්ගයක් භාවිත කර නොමැති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

සියයට 29 දශම 1 ක ප්‍රමාණයක් පසුගිය මාස 12 තුළ මධ්‍යසාර භාවිත කර ඇති අතර ඉන් සියයට 43 දශම 3 ක් පිරිමි පුද්ගලයින් සහ සියයට 2 දශම 8 ක් කාන්තාවන් වන බවයි වාර්තා වන්නේ

. මධ්‍යසාර භාවිතය අඩු කිරීම සඳහා වඩාත් පොදු හේතුව වී ඇත්තේ, මධ්‍යසාර මිල වැඩි වීමයි.

එමෙන්ම මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කළේ, වැඩිහිටියන්ගෙන් බහුතරයක් ඵලදායි මිලකරණ ප්‍රතිපත්තිවලට කැමැත්තක් දක්වන අතර සියයට 73 ක්ම මධ්‍යසාර මිල ඉහළ දමන ක්‍රියාමාර්ගවලට කැමැත්තක් දක්වන බවයි.

අරක්කු වලට දරුණු විෂක් එක්කරයි.. බොන අයට රතු එළියක්..

අරක්කු වලට දරුණු විෂක් එක්කරයි.. බොන අයට රතු එළියක්..