මත්පැන් මිල අඩු කරයි?..සිදුවූ දේ මෙන්න..
සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම ලෙස රුපියල් කෝටි විසි එක් දහස් හත්සියයක් අපේක්ෂා කළ නමුත් ගත වූ මාස හයේදී උපයා ඇත්තේ රුපියල් කෝටි හත් දහස් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් යැයි අනාවරණය වී තිබෙනවා.
පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මේ බව අනාවරණය වී ඇත.
මත්පැන් මිල ඉහළ යාම හේතුවෙන් මත්පැන් නිෂ්පාදනය සහ අලෙවිය අවම වී තිබෙන බවත්, මේ නිසා අපේක්ෂිත ආදායමට ළඟා විය නොහැකි බවත්, මෙම අවස්ථාවට එක් වී සිටි සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් පෙන්වා දී ඇත.
මත්පැන් මිල වැඩිවීම හේතුවෙන් පමණක් ආදායම අඩු වී ඇති බව නිරීක්ෂණය නොවන බව ප්‍රකාශ කර ඇති කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් නිවැරැදිව බදු අය කර ගන්නා ලෙසටත් බදු ගෙවීම් පැහැර හරින නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අහෝසි කරන ලෙසටත් උපදෙස් දී ඇති බවයි පැවසෙන්නේ.
මේ අනුව අධික ලෙස ඉහළ දැමූ මත්පැන් මිල පහල දමනු ඇතැයි බොහෝදෙනෙක් අපේක්ෂාවෙන් සිටියි.