යළි මත්පැන් මිල ඉහළ යයි?..ඉදිරියේදී නැතිවෙන ලකුණු.

Sri Lanka Politician Sri Lanka Businessman Income Tax Department Sri Lanka Customs
By Aruna Jul 05, 2023 02:22 AM GMT
Report

මෙරට ප්‍රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගම් 9ක බලපත්‍ර අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පියවර ගැනීමට සූදානම් වන බව වාර්තා වනවා.

සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ, ඒ අදාළ සමාගම් විසින් රුපියල් බිලියන 6.2ක හිඟ බදු මුදල, ලබා දී ඇති දින 14ක සහන කාලය තුළ ගෙවීමට අපොහොසත් වුවහොත් බවයි.

පසුගිය සතියේ සිට මෙම දින 14 කාලය ක්‍රියාත්මකයි.

සුරාබදු දෙපාර්තමේන්තුවට එම මුදල අය නොකර ගැනීම සම්බන්ධයෙන් එල්ල වන විවේචන හමුවේ මෙම තීරණය ගත් බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

රුපියල් බිලියන 6.2 ක හිඟ බදු මුදලින් රුපියල් බිලියන 2.5 ක මුදලක් හිඟ බදු මුදල් බවත් ඉතිරි රුපියල් බිලියන 3.8 ක මුදල ඒ සඳහා ප්‍රමාද ගාස්තු බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රධාන සමාගම් 9 ගෙවීමට ඇති මෙම හිඟ බදු මුදල් සහ ප්‍රමාද ගාස්තු 1997 වසර දක්වා වසර 26 ක කාලයක් දිව යන බවත් ඇතැම් සමාගම් පසුගිය වසර කිහිපයක සිට බදු ගෙවීම පැහැර හැර ඇති බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.