මත්පැන් මිල ඉහළ දැමීමට හේතුව...නව මිල දර්ශකයත් මෙන්න.
මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් මත්පැන් මිල ඉහළ දමා තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළා.
ඒ මහතා පැවසුවේ. නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් මෙලෙස මිල ඉහළ දැමීමට සිදු වූ බවයි.
මෙම මිල ඉහළ දැමීම, නිෂ්පාදන පිරිවැය මත සිදු වීම නිසා ඒ සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුමැතිය අවශ්‍ය නොවන බවයි කපිල කුමාරසිංහ මහතා අවධාරණය කළේ.
එමෙන්ම බදු වැඩි කිරීමෙන් මිල වැඩි කළේ නම් පමණක්, සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුමැතිය අවශ්‍ය බව ද ඔහු ප්‍රකාශ කළා.
මත්පැන් නිෂ්පාදන සමාගම් මිල වැඩිකළ ආකාරය සුරාබදු දෙපාර්තමේන්තු දැනුවත් කළ යුතු බව ද කුමාරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
මත්පැන් නිෂ්පාදන සමාගම් මත්පැන් සහ බියර් වර්ග සියයට 15 සිට සියයට 40 දක්වා පරාසයකින් ඉහළ දමා තිබේ.
මෙලෙස මිල ඉහළ දැමූ ලේඛණය පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |