මත්පැන් ගැන ගත් අලුත්ම තීරණය

Sri Lanka Tourism Sri Lanka Tourism
By Sewvandhi Oct 07, 2022 11:02 AM GMT
Report

මෙරට ඩොලර් ආදායම ඉහළ නංවාගැනීමට නම් සංචාරක කර්මාන්තය සඳහා ඇති බාධා ඉවත් කළයුතු බව සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ නැතහොත් එය වචනවලට පමණක් සීමාවෙන බවය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දේනනේ, මත්පැන් සම්බන්ධයෙන් ඇති බලපත්‍ර ක්‍රමයෙහි ඉතා දැඩි කොන්දේසි පවතින බැවින් එය සංචාරක කර්මාන්තයට ද දැඩි බලපෑම් එල්ල කරන බවය. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හෝටල් සඳහා මෘදු මත්පැන් අවසර පත්‍ර ප්‍රදානය කිරීම අද (07) සිදුකෙරුණි.

"අපට දැනට තිබෙන බලපත්‍ර ක්‍රමය ඉතාම දැඩි කොන්දේසි සහිත බලපත්‍ර ක්‍රමයක්. සමහර අයට ඒ කොන්දේසිවලට අනුව මේ බලපත්‍ර ලබාගැනීම ඉතාම අපහසු තත්ත්වයකට පත්වී තිබුණා. කොච්චර කතා කලත් සංචාරක කර්මාන්තයෙන් ඩොලර් හොයන්න ඕනේ කියලා.. එකට අවශ්‍ය පහසුකම් බලා දුන්නේ නැතිනම් ඒක කතාවට විතරක් සීමා වෙනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now