බදු පැහැර හැරි මත්පැන් සමාගම්වලට එරෙහිව නඩු පැවරේ
Sri Lanka
Latest Headlines
Income Tax Return
Sinhala news
Puwath.lk
By R.rishma
බදු ගෙවීම පැහැර හැර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අදාළ බදු මුදල් අයකර ගැනීම සඳහා දිසා අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව නීතිපතිවරයා අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
බදු ගෙවීම පැහැර හැර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් එම මුදල් අයකර ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ බව දැනුම් දී ඇත.