රට පුරා සුරාසැල් සහ මස් මාළු කඩ එක දිගටම දින 03ක් වසාදමයි..එම දිනයන් මෙන්න..

Sri Lanka Police Vesak Full Moon Poya Sri Lanka
By Aruna May 01, 2023 03:35 AM GMT
Report

මෙම වෙසක් සතිය හේතුකරගෙන රටපුරා පිහිටි මත්පැන් අලෙවිසල් සහ මස් මාළු වෙළඳසැල් දින තුනක් වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වෙසක් පොහොය දිනය යෙදී ඇති 05 වනදාත් ඊට පසු දෙදිනත්(06 සහ 07 වෙනිදා) මෙසේ සුරාසැල් සහ මස් මාළු අලෙවි සැල් වසා තබා ලැබෙනු ඇත.

ඒ අනුව ඉදිරි 05, 06, 07 තෙදින තුලම සුරාසැල් සහ මස් මාංශ අලෙවි සැල් වසා තැබේ.

මේ අතර වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වනු ලබන දන්සැල් ලියාපදිංචි කිරීම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තුළ පසුගියදා සිට ආරම්භ කරනු ලැබුවා.

පැවැත්විමට බලාපොරොත්තුවන දන්සැල් වර්ගය, පවත්වනු ලබන දින ගණන, පවත්වන ස්ථානයන්, පරිසරයේ ස්වභාවය ආදිය පිලිබඳව සදහන් කර ලිපියක් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලබා දී ලියාපදිංචිය ලබා ගත හැකි බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරන්නේ.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයන් මගින් ලියාපදිංචිය ලබා දුන් පසුව දන්සැල පැවැත්වීමට පෙර එහි භාවිත කරන අමුද්‍රව්‍ය පිලිබඳව පරික්ෂා කිරීම සහ පිසූ ආහාර පරික්ෂා කිරිම අඛණ්ඩව සිදුකරන බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

මේ දිනවල පවතින වර්ෂාව හේතුවෙන් පාචන තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් ජලමූලාශ්‍රයන් පිලිබඳව වඩාත් සැලකිලිමත් වන්නැයි දන්සැල් සංවිධායකවරුන්ගෙන් සංගමය විශේෂ ඉල්ලිමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now