රට පුරා සියලුම සුරාසැල් වලට විශේෂ දැනුම්දීමක්..

Sri Lanka Businessman
By Aruna Aug 19, 2022 08:07 AM GMT
Report

සියලුම සුරාසැල්වල සියලු වර්ගවල දේශීය මත්පැන් නිෂ්පාදන අවම තොග පවත්වා ගත යුතු බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසනවා.

දේශීය සුරාසැල් පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය නොදී අසාධාරණ අලෙවි ක්‍රම වල නිරත වන බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම සුරාසැල් තම අලෙවියට ප්‍රතිලාභ ලැබෙන නිෂ්පාදන පමණක් අලෙවි කිරීමේ නිරත වන බවට පෙනී යන බව ද සඳහන් කළා.

තවද සැප්තැම්බර් පළමුවැනිදා සිට මේ සම්බන්ධයෙන් දිවයින පුරා පරීක්ෂණ පවත්වන බවද කපිල කුමාරසිංහ මහතා පැවසුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now