ගෙවත්තෙන්ම සොයා ගත හැකි අමුද්‍රව්‍ය කිහිපයකින් සුපිරි පොහොරක් හදමු.

Ministry of Agriculture
By Wayomi Sep 15, 2022 01:06 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

වගාවන් තුල ලෙඩ රෝග මර්ධනයට වගේම වැඩි සහ ඉක්මන් අස්වැන්නක් වෙනුවෙන් බොහෝදෙනා පොහොර භාවිතයට හුරුවෙලා තියෙනවා. දැන් රසායනික පොහොර හිඟයත් සමඟ ගොඩක් දෙනෙක් භාවිතා කරන්නේ කාබනික පොහොර.

මීට කලින් අවස්ථා කිහිපයකදීම ගෙදරදීම හදාගන්න පුළුවන් විවිධ කාබනික පොහොර වර්ග ගැන අපි කියලා තියෙනවා. අදත් මේ කියන්න යන්නේ ඒ විදිහටම ගෙවත්තෙන්ම සොයා ගත හැකි අමුද්‍රව්‍ය කිහිපයකින් N , P, K, Ca සපිරි දියර පොහොරක් හදාගන්නේ කොහොමද කියලයි.

අවශ්‍ය ද්‍රව්‍ය

? හාල්මැස්සන් ඔළු 500g

? දිරාපත් වෙමින් යන ගොම 1kg

? ලාඩප්පා, ඉපිල් ඉපිල් ශාක පත්‍ර හෝ ගෙවත්තේ කප්පාදු කරන ශාක දළු

? දින 6ක් පමණ පල් කල හාල් සේදූ ජලය 4l පමණ

? රතු සීනි මේස හැඳි 2ක් පමණ

සාදන ආකාරය

? හාල් මැස්සන් ඔළු වල ලුනු ගතිය අඩු වන සේ තරමක් සෝදා ගන්න.

? ශාක දළු කුඩා කැබලි බවට කපා ගන්න.

? භාජනයක් ගෙන එයට කුඩා ශාක දළු කොටස්, ගොම දමා එයටම පල් කළ , හාල් සේදූ ජලය එකතු කරන්න.

? එයටම හාල්මැස්සන් ඔළුද, රතු සීනිද දමන්න.

? සියළු දෑ ද්‍රාවණයේ හොඳින් ගිල්වා භාජනයේ කට රෙදි කැබැල්ලකින් වසා සති 3ක් පමණ පල් වීමට තබන්න.

? දිනපතා කවලම් කරන්න.

? සති 3කට පසු ද්‍රාවණය පෙරා ගන්න.

? දියර පොහොර බෝගය වටා පසට යොදන්නේ නම් 1:5 හා පත්‍ර මතට ස්ප්‍රේ කරන්නේ නම් 1:15 ලෙස තනුක කර ගන්න.

? පත්‍ර වල පූටිකා බොහෝ සෙයින් පිහිටන්නේ පත්‍ර වල යටි පැත්තේ බැවින් දියර පොහොර ස්ප්‍රේ කිරීමේදී පත්‍ර වල යටි පැත්තට ස්ප්‍රේ කිරීමට සැලකිළිමත් වන්න.