ලංකාවට එන දියර බිත්තර..
                                    
                    Sri Lanka
                
                                                
                    Sri Lanka Food Crisis
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    උත්සව සමයට පෙර ආනයනය කිරීමට සැළසුම් කර තිබූ දියර බිත්තර ඉදිරි සතිය තුළ ආනයනය කිරීමේ සූදානමක් පවතින බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය.
ඒ අනුව මෙම කටයුතු සිදුවන්නේ බේකරි හිමියන්ගේ සංගමය හරහා ය.
බිත්තර මිල පාලනය කිරීමේ අරමුණින් මේ වන විට මෙරටට බිත්තර මිලියන හයක පමණ ප්‍රමාණයක් ආනයනය කර ඇති අතර පළමු අදියරයේ දී දියර බිත්තර කිලෝ 15,000ක් මෙරටට ආනයනය කිරීමට සුදානම් ය.
කෙසේවෙතත්, එලෙස ආනයනය කරන බිත්තර ගුණාත්මක බවින් යුක්ත වන්නේ නම් අඛණ්ඩව ආනයනය කිරීමට කටයුතු සිදුකරන බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  |