අධිවේගයේ වේගය සීමා කරයි.

Department of Meteorology Weather
By Wayomi Oct 13, 2022 08:23 AM GMT
Report

මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනයේදී සැලකිලිමත් වන ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව විශේෂයෙන් අධිවේගයේ ධාවනය කිරීමේදී පැයට කිලෝමීටර් 60 ක වේග සීමාවක් පවත්වා ගන්නා ලෙස විද්‍යුත් පුවරුවල සටහන්ව තිබුණා.

කෙසේ වෙතත් වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ලබන 19 වනදා දක්වා පළාත් 6කට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

එම දෙපර්තමෙන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් මෙලෙස මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි පතිත විය හැකි බවයි.

මේ අතර, ගාල්ල සහ කටුගොඩ දුම්රිය ස්ථානය අතර දුම්රිය මාර්ගයට කඩා වැටුණු පස් කන්ද මේ වනවිට ඉවත් කර තිබෙනවා.

මේ හේතුවෙන් මාතර සිට අනුරාධපුරය දක්වා ධාවනය වෙමින් තිබූ රජරට රැජින ශීඝ්‍රගාමී දුම්රිය සුළු වේලාවක් ප්‍රමාද වී ධාවනය වූ බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW