"මම ලිහිණිගේ චරිතයට සමු දුන්නා. මුදලට ආත්ම ගෞරවය පාවලා දෙන චරිත කරන්නෑ"

SL Actress Gossips
By Wayomi Nov 19, 2022 11:44 AM GMT
Report

මේ වන විට කලා ක්ෂේත්‍රය තුළ රූපවාහිනී නාලිකා මඟින් පවත්වන අවුරුදු කුමරිය තේරීමේ තරග වලින් රංගනය එක්වන චරිත බොහොමයක් ඉන්නවා.

ඉතින් ඒ විදිහට ඇවිත් රටේම ආදරය දිනාගත් අහිංසක චරිතයක් තමයි කවුරු දන්න දෙවෙනි ඉනිමේ "ලිහිණි"

ලිහිණි කිව්වට ඇත්තටම ඇය, ශලනි ෆර්නෑන්ඩෝ.

හැබැයි මේ දවස් වල නම් දෙවෙනි ඉනිමේ ලිහිණිව දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ ගැන ලිහිණි හෙවත් ශලිනි කිවුවේ මෙහෙම කතාවක්.

" අවුරුදු පහක් ගොඩක් කැපකිරීම් කරලා ලිහිනිට සාධාරණයක් ඉටු කරා යම් යම් හේතු කාරණා නිසා එහිදී ලැබුණු ප්‍රේක්ෂක ආදරයක් තුරුලු කරගෙනම මම ඒ චරිතයට සමු දුන්නා . ලඟදිම ලොක්කි 2 එනවා.

දෙරණ අවුරුදු කුමරිය තරගයට 2017 වර්ෂයෙ තමයි ඉදිරිපත් වුණේ ජයග්‍රහණයත් සමඟ තමයි රංගනයට අවස්ථාව ලැබුණේ. ඒ ලක්සිරි වික්‍රමගේ sir නිසා. අවසන් වටයට තේරුණු කුමරියන් හැමදෙනාටම screen test තිබ්බා එතනින් තමයි මට රංගනයට ආරාධනා ලැබෙන්නේ . ලිහිණි දෙවැනි ඉනිමට එකතු වෙන්නේ කතාව අතිශයින් ජනප්‍රිය කාලයේ."

ශලනිගේ පුද්ගලික ජීවිතය ගැන කතා කළොත් .

පියාගේ ආදරය පුංචි කාලෙදි ඇයට නැතිවෙලා . අම්මයි අයියයි එක්ක තමයි. මුදලට ප්‍රසිද්ධියට තමන්ගේ ආත්ම ගෞරවය පාවලා දෙන චරිත කරන්නෑ කියල තමයි ඇය කියලා තියෙන්නේ.ජිවිතේ හෙවනැල්ලක් වගේ ඉන්න එකම කෙනා තමන්ගේ අයියා කියලා තමයි ඇය සති අන්ත පුවත්පතකට ඇගේ පුද්ගලික ජීවිතය ගැන ප්‍රකාශ කරලා තිබුණේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW