පළාත් 7කට ප්රබල අකුණු අනතුරු ඇඟවීමක්
Weather
Latest Headlines
Sinhala news
Puwath.lk
Lightning Alert
By R.rishma
දිවයිනේ පළාත් හතක් සඳහා ප්රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීමට කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව, මධ්යම, සබරගමුව, උතුරු, උතුරු මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී අදාළ ප්රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබේ.
අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ද කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අද (21) පෙරවරු 11.30ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (22) අලුයම 1.30 දක්වා වලංගු වේ.