බැදලා මාස තුනයි.. හස්බන්ඩ් කැමති පිරිමි අයට.. විවාහය දෙදරා ගිය හේතුව තරුණියක් හෙළි කරයි..

Women
By Sithumini Sep 09, 2024 06:24 PM GMT
Report


ලංකාවේ සංස්කෘතියත් එක්ක බොහෝ අය විවාහ ජීවිතයකට එළඹීමෙන් පසුවයි එක නිවසක් යට ජීවත් වෙන්නේ.

කොහොම වුණත් මේ කාරණයත් එක්ක එක් වෛද්‍්‍යවරියක් රූපවාහිණි වැඩසටහනකට එක්වෙමින් කියා සිටි කාරණයක් පිළිබදව මේ වන විට සමාජ මාධ්‍යයේ අවදානය යොමු වෙලා තියෙනවා.

ඇය කියා සිටින්නේ බොහෝ දෙනෙකු සමාජය ඉදිරියේ කොතරම් රගපෑවත් තමන් තමන් ලෙස ජීවත් වීමට ඇතුලාන්තය ඔවුන්ව හුරු කරන බවයි.

පසුගිය දවසක තරුණියක් වෛද්‍යවරියක් ලගට ගොස් දීර්ඝ ලෙස සංවාදයකට එලැඹිලා තියෙනවා.

එහිදි ඇය කියා ඇත්තේ තමන් විවාහා වී මාස තුනක් බවත් ඇයගේ සැමියා සැබවින්ම කැමැත්තල් දක්වන්නේ පිරිමි පුද්ගලයන්ට බවයි.

මේ හේතුවෙන් ඇය දැඩි මානසික පීඩනයට යොමු ඇති බවත් අනතුරුව ඔවුන් සිය විවාහයෙන් වෙන්වුණු බවත් එම වෛද්‍යවරිය හමුවේ කියලා තිබුනා.

මෙවන් සිදුවීම් වලට හේතුව ලෙස ඇය දක්වන්නේ බොහෝ විට සිදුවන්නේ මිනිසුන් තමන්ට ජීවත් වීමට අවශ්‍ය කුමන ආකාරයට වුවත් බොහෝ විට අන්අය ඉදිරියේ රගපෑමෙන් තමන්ට දුක්විදීමට සිදුවන බවයි.