මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ආරක්ෂාව ගැන දැනුම්දීමක්..!

Sri Lanka Police Ranil Wickremesinghe Sri Lanka Police Investigation
By Sewvandhi Dec 18, 2023 11:49 AM GMT
Report

අස්ගිරි සහ මල්වතු මහා නායක හිමිවරුන්, ඓතිහාසික මිහින්තලය පුදබිමට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා තිබෙනවා.

මිහින්තලා පුදබිම යනු සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ උරුමයක් පමණක් නොව සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව වෙත උතුම් බෞද්ධ දර්ශනය සංස්පර්ශය තිළිණ කළ ථේරවාද මහාවිහාරීය බෞද්ධ සම්ප්‍රදායේ කේන්ද්‍රස්ථානය බවයි, ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ.

මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ආරක්ෂාව ගැන දැනුම්දීමක්..! | Letter To President From Asgiri Thero

බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීමෙන් බැදී සිටන ශ්‍රී ලංකා ජන රජය මෙම ඓතිහාසික උරුමය සුරක්ෂිත කරලීමෙහි ලා අප්‍රමාදීව කටයුතු කළ යුතු බව, තරයේ විශ්වාස කරන බවද අස්ගිරි හා මල්වතු මහ නා හිමිවරුන් සිය ලිපියෙන් අවධාරණය කර තිබෙනවා.