ටෙලිකොම් රැක ගන්නැයි ජනපති ට ලිපියක් - සම්පුර්ණ ලිපිය මෙන්න..

Ranil Wickremesinghe Sri Lanka
By Sewvandhi Jul 26, 2023 01:03 PM GMT
Report

ශ්‍රී ලංකා ටෙලිකොම් සමගි සේවක සංගමය විසින්, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් විකිණීමට විරුද්ධ වන හේතු පැහැදිලි කරමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

අදාල ලිපියෙහි පිටපත් සර්වආගමික නායකයින්, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂනායක, ජනාධිපති ලේකම්, මුදල් අමාත්‍යාංශ ලේකම්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, මානව හිමිකම් කොමිසම, කම්කරු කොමසාරිස්, ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ඇතුළු පාර්ශ්ව රැසක් වෙත යොමුකර ඇත.

රට තුළ පැවැති යුද සමයේදී ආරක්ෂක අංශවලට අවශ්‍ය අත්‍යවශ්‍ය සහාය ලබාදෙමින් සන්නිවේදන පහසුකම් සැපයූ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සුනාමි සහ කොවිඩ් තත්ත්වයන්වලදී ද රට වෙනුවෙන් විශාල සේවයක් සැපයූ බවද එම ලිපියෙන් පෙන්වා දෙයි.

ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය සහ දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය සන්නිවේදන ජාලය ශක්තිමත්ව පවත්වාගෙන යෑමට ද, ශ්‍රී ලංකා ටෙලිකොම් ලාභය වෙනුවට රට වෙනුවෙන් කටයුතු කළ බවද සිහිපත් කරයි.

සම්පූර්ණ ලිපිය පහතින්...

GalleryGalleryGalleryGallery