විනය ක්‍රියාමාර්ග ගැන කියමින් සෞඛ්‍ය ලේකම්ගෙන් දැඩි ලිපියක්..!

Sri Lanka Ministry of Health Sri Lanka
By Sewvandhi Jul 21, 2023 04:52 PM GMT
Report

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස් ජනක චන්ද්‍රගුප්ත මහතාගේ අත්සනින් යුතු රජයේ නිලධාරීන් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීම හා අදහස් දැක්වීමට අදාළව ලිපියක් නිකුත් කර තිබේ.

 දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත තොරතුරු ප්‍රකාශ කිරීමට හෝ ජනමාධ්‍ය වෙත තොරතුරු සැපයීමට රාජ්‍ය නිලධාරීන්ට හැකියාවක් නොමැති බවට දැක්වෙන ආයතන සංග්‍රහයේ වගන්ති කිහිපයක්, අදාළ ලිපියේ දැක්වේ.

එසේම එහි අවසාන වශයෙන් සඳහන් වන්නේ එම විධිවිධාන නොසලකා කටයුතු කරන සෞඛ්‍ය සේවාවට අයත් සියලුම නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවය.

අදාළ ලිපිය පහතින්.   

Gallery