අමුද්‍රව්‍ය 2න් කම්මැලිකමට කන්න රස ස්නැක් එකක් හදමු.

Sri lanka Food Recipes
By Wayomi Jul 17, 2022 08:24 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ගෙදර ඉද්දී කම්මැලි වෙලාවට පොඩියට හදලා කන්න පුළුවන් සීනි සම්බෝල රොටී රෙසිපි එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය

🟣 ලොකු ළූණු

🟣 පාන් පිටි

🟣 සීනි ස්වල්පයක්

🟣 කෑලි මිරිස්

🟣 ලුණු අවශ්‍ය ප්‍රමාණයට. 


සාදාගන්න ආකාරය

 🟣 පාන්පිටි 200gකර එකට ලුණු තේ හැඳි භාගයක් විතර දාගන්න.

🟣 දැන් මේක හොඳින් කවලම් වෙන්න අනාගන්න.

🟣 ඊට පස්සේ ඇල් වතුර පොඩ්ඩ පොඩ්ඩ දාලා පිටි එක අනාගන්න

🟣 අතේ ඇලෙන්නේ නැති වෙන්න ඩෝ එක හදාගෙන ටිකක් පැත්තකින් තියගන්න.

🟣 දැන් සීනි සම්බල් එක හදාගන්න.

🟣 ඊට පස්සේ ඩෝ එක කඩාගෙන පොඩි බෝල හදාගන්න.

🟣 දැන් ඒ බෝල වලින් රොටිය හදාගන්න

🟣 රොටිය මැදට සීනි සම්බල් පුරවලා යළි රොටිය වගේ හදාගෙන දෙපැත්ත පුච්චගන්න. නැත්නම් බේක් කරගන්න.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW