තත්වය දරුණු වෙයි. - මෙරට ලාදුරු රෝගීන් වාර්තා වීම ඉහළට.

Sri Lanka Ministry of Health Sri Lanka
By Wayomi Sep 07, 2023 09:44 AM GMT
Report

මේ වන විට ලංකාවේ ලාදුරු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඒ, අනුව මේ මෙම වසරේ මුල් මාස 7 තුළ පමණක් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව රෝගීන් 864 ක්.

මෙහිදී කොළඹ ප්‍රදේශයෙන් ලාදුරු රෝගීන් 161 ක් හමුව ඇති අතර එගොඩවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පමණක් රෝගීන් 47 ක් වාර්තා වී ඇත.

මෙම තත්වය හමුවේ ලබන සතියේ සිට බස්නාහිර පළාත තුළ ලාදුරු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ පුවරු ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු නිවාරණ ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවිර මහතා ප්‍රකාශ කළේ.