මෙරට ලාදුරු රෝගීන් ඉහළට. - මාසයක් ඇතුලත හමු වූ රෝගීන් සංඛ්‍යාව මෙන්න.

Sri Lanka Ministry of Health Sri Lanka
By Wayomi Oct 21, 2023 04:51 AM GMT
Report

මෙරට ලාදුරු රෝගීන් ප්‍රමාණය ඉහළ යවමින් පවතින බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසනවා..

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කරන්නේ, වසරේ ගත වූ කාලසීමාව තුළ ලාදුරු රෝගීන් 1,135ක් හඳුනාගෙන ඇති බවත්, සැප්තැම්බර් මාසයේ පමණක් ලාදුරු රෝගීන් 175ක් සොයා ගැනීමට හැකි වූ බවත්ය.

එමෙන්ම රෝගීන් හඳුනා ගැනීම සඳහා වැඩිම රෝගීන් වාර්තා වන ප්‍රදේශ සිතියම්ගත කිරීමට පියවර ගෙන ඇති බව ද විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර වැඩිදුරටත් කියා සිටියා.