විදෙස්ගත වීමකදී නීත්‍යානුකූලව මුදල් රැගෙන යා හැක්කේ කෙසේද?

Dollar to Sri Lankan Rupee Dollars
By Wayomi Sep 20, 2022 09:58 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

මේ දවස් වල ලාංකිකයන් බාගෙට බාගයක්ම රට යන්න උත්සහ කරනවා. ඉතින් ඒ විදිහට පළමු වතාවට විදෙස්ගත වෙන්න බලන් ඉන්න කෙනෙක්ට මේක ගොඩක් වැදගත්.මේ කියන්නේ විදෙස්ගත වෙද්දී ඔබ රැගෙන යා යුතු විදේශ මුදල් ප්‍රමාණය ඇතුළු මුදල් නීතිරීති ගැනයි. 

💸 ඔබ ලංකාවෙන් යන්න කලින්ම travel කරන රටේ මුදල් ඒකකයඅරන් යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

💸 ඔබට ඒ රටේ මුදල් රැගෙන යන්න නොහැකි නම්, හොඳම දේ තමයි ඩොලර්ස් රැගෙන යාම. ඔබට ඩොලර්ස් කරදරයකින් තොරව ඕනෑම සංචාරක රාජ්‍යකින් හුවමාරු කරන්න පුළුවන්.

💸 වර්තමානයේ ලංකාවේ පවතින ආගමන විගමන නීතිරීති අනුව ලංකාවෙන් පිටතට රැගෙන යාමට එක් ගුවන් බලපත්‍රයක් සඳහා ලබාදෙන්නේ උපරිම ඩොලර් 5000ක් විතරයි.

💸 ඒ අතරට ශ්‍රී ලංකා මුදල් වලින් රැගෙන රුපියල් 20000 ක මුදලකුත් ඔබ කැමති නම් රැගෙන යා හැකියි.

💸 මුදල් රැගෙන යාමේදී වඩාත් වැදගත් වන්නේ බැංකුවකින් මේ මුදල් ලබාගන්න එක. එවිට බැංකුව විසින් ඔබට මෙතරම් මුදලක් ලබාදුන් බවට විශේෂිත සීල් එකක් ඔබේ ගුවන් බලපත්‍රයේ සටහන් කරනවා.

💸 නමුත් වර්තමානයේ ශ්‍රී ලංකවේ පවතින විදෙස් සංචිත වල හිඟකම නිසා අපිට ගොඩක් වෙලාවට බැංකු විසින් ඩොලර් 5000ක උපරිමයක් ලබාදෙන්නේ නැහැ..

💸 විශේෂයෙන්ම මේ කාලයේදී බහුතරයක් රාජ්‍ය සහ රාජ්‍ය නොවන බැංකු විදෙස් මුදල් ලබාදෙන්නේ, ඔබ ගුවන් ගතවන දින ගණන සහ රට සලකා බැලීමෙන් අනතුරුවයි.

💸 මේකට විසඳුමක් විදිහට මහා බැංකුව travel card නම් ලෙස නවතම කාඩ්පත් ක්‍රමයක් පවා හඳුන්වාදී තිබෙනවා.

💸 ඔබට විදෙස් මුදල් යම් ප්‍රමාණයක් අතට ලබා ගැනීමෙන් අනතුරුව ඔබේ අවශ්‍යතාවය අනුව ඩොලර් 15000ක උපරිමයක් දක්වා මේ travel card එකෙන් ඉතිරි මුදල රැගෙන යා හැකියි.

💸 හැබැයි මේ වෙද්දී විදෙස් රටකට යද්දී ගුවන් තොටුපළෙන් ඔබට රැගෙන යා හැක්කේ උපරිම ඩොලර් 5000ක් සහ අනෙක් මුදල් එකක් වලින් ඩොලර් 5000ට සමාන ප්‍රමණයක් පමණයි.

💸 ඊට අමතරව ඔබ යන රටේ භාවිතය සඳහා ඔබේ debit, credit කාඩ් active කරගෙන රැගෙන යන්නට පුළුවන්.

💸 ඒ වගේම විදේශ චාරිකාවක් නිමවා පැමිණි ඕනෑම පුද්ගලයෙකුට කාලසීමාවකින් තොරව තමා විදේශ චාරිකාව සඳහා මිල දී ගත් හෝ ශ්‍රී ලංකාවෙන් පිටත දී උපයා ගත් විදේශ ව්‍යාවහාර මුදල්වලින් ඇ.එ.ජ.ඩොලර් 2,000 ක් දක්වා ප්‍රමාණයක් ඉදිරි විදේශ සංචාරයක දී භාවිතා කිරීම සඳහා සීමාවකින් තොරව තමා සතුව තබා ගත හැකියි.


විදෙස් ගමනකට ණයක් ලබාගැනීමේදී

💸 පිළිගත් බැංකුවකින් විදෙස් ගමනකට ණයක් ලබාගැනීමේදී ඔබ විසින් ඉදිරිපත් කළ යුතු ලියකියවිලි කිහිපයක් තිබෙනවා.

💸 ඔබේ ගුවන් ටිකත් පත return ටිකට් පතක් වීම අනිවාර්යයි. නැත්නම් ඔබට යන්න එන්න ගුවන් ටිකට්පත් දෙකක් තිබිය යුතුයි. ඒ වගේම එය මුදල් ගෙවා සහතික කළ එකක් විය යුතුයි.

💸 එලෙසම ඔබ යන්නේ වීසා ලබාගත යුතු රටකට නම්, ඔබේ වීසා පතත් ගුවන්ගමන් බලපත්‍රයත් සමඟ බැංකු නිලධාරින් වෙත ඉදිරිපත් කළ යුතුමයි. 💸 ඔබ ගුවන්ගත වන දිනට පෙර මුදල් ලබාගෙන සිටීම ගොඩක් හොඳයි.

💸 එහෙම නැත්නම් ලංකවේ සියලුම බැංකු ගුවන්තොටුපලේදී ගුවන් මඟීන්ට මුදල් නිකුත් කිරීමට ශාඛා පවත්වාගෙන යනවා. ඔබට ඒවායිනුත් මුදල් ලබාගත හැකියි.

💸 ඒ වගේම පළුදු වූ, ඉරුණු, යමක් ගෑවුණු හෝ අවර්ණ වූ මුදල් නෝට්ටු කිසිවිටෙකත් ළඟ තබාගන්න එපා.විදෙස් රටවලදී ඒවා reject වෙනවා.

💸 විශේෂයෙන්ම ඉන්දුනීසියාවට යද්දී හැකිතාක් පිරිසිදු නැවුණු පාරවල් නැති ඩොලර් නෝට්ටු රැගෙන යන්න වගබලාගන්න.


විදෙස් රටකදී මුදල් මාරු කිරීමේදීත් සැලකිලිමත් විය යුතුයි.

💸 සමහර රටවල බැංකු සහ මුල්‍ය ආයතන මුදල් මාරු කිරීමේදී යම් කොමිෂන් එකක් අය කරනවා.එහෙම නොකරන ආයතනත් තියෙනවා.හැබැයි වඩාත් සුදුසු වෙන්නේ ගුවන්තොටුපලේ ඇති බැංකුවකින් මුදල් මාරු කරගන්න එක. එහෙම කළොත්, ඔබට ව්‍යාජ මුදල් ලැබීම 90% කින් පමණ අඩු වෙනවා.

💸 හැබැයි ඊජිප්තුව, චීනය වගේ රටවලදී මුදල් මාරු කරද්දී ඔබට ලැබෙන මුදල් ආයතනයෙන් පිටවීමට පෙර එකින් එක හොඳින් පිරික්සන්න.

💸 විශේෂයෙන්ම ඔබ ලෝකයේ ප්‍රධාන මුදල් ඒකකයක් භාවිතා නොවන රටකට යන්නේ නම් ඒ රටින් ඒමට පෙර එම මුදල් සියල්ලම මාරු කර ගැනීම වැදගත්.

💸 මොකද ලෝකයේ මුදල් එකක් 25කට ආසන්න ප්‍රමණයක් හැර අනෙක් කිසිවක් ලංකාවේ බැංකු පද්ධතිය තුළ මාරු කෙරෙන්නේ නැහැ.         


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW