නිවාඩු දවසේ වෙනස්ම විදිහකට රස විදින්න ලේයර් පරාටා රෙසිපි එකක්.

Sri lanka Food Recipes
By Wayomi Jul 15, 2022 10:55 AM GMT
Report

පාරට කන්න ආස වුණත් මේ දවස් වල නම් කඩේකින් අරන් කියන්නේ හීනයක්. මිල අහස උසට. හැබැයි මේ දවස් ටිකේ ගෙදර ඉන්න එකේ ගෙදරදීම රස පරාට රෙසිපි එකක් හදලා බලන්න. (ලේයර් පරාටා)

අවශ්‍ය ද්‍රව්‍ය

? පාන්පිටි කෝප්ප 4

? ලුණු රස අනුව

? ගී හෝ පොල්තෙල් මේස හැඳි 3

? තවරගන්න පොල්තෙල් මේස හැඳි 6ක් 

සාදාගන්න ආකාරය

? පාන්පිටි, ලුණු හා ගී කළවම් කරලා වතුර ටික ටික දාලා අතේ ඇලෙන ඩෝ එකක් හදාගන්න.

? වතුර ටිකක් වැඩි උනාට කමක් නෑ මොකද ඇදෙන ගතියටයි තියෙන්න ඕනේ. විනාඩි 3-4ක් හොඳට අනාගෙන මේක සමාන කොටස් 8කට බෙදාගන්න.

? දැන් මේ බෝල වලට හොඳට තෙල් මේස හැඳි 6 තවරලා පැය 4ක් වහලා තියන්න.

? පසුව එක බෝලයක් අරගෙන හොඳට තුනී කරලා ගී ටිකක් ගාගන්න.

? මේ රොටිය අඟල් තුන්කාලක් වගේ පළල තීරු වලට කපාගන්න. මේ තීරු වලින් තුනෙන් දෙකක් එක පැත්තකින් එකතු කරලා අරන් අතින් තද නොකර වම් අතේ ඇඟිලි වටේ ඔතාගන්න. රෝසමලක් වගේ වෙන්න ඔතාගන්න.

? ඊළඟට ඉතුරු තීරු ටික ඒ රවුමටම එකතු කරගන්න. දැන් අතින් තලලා පරාටා එක හදාගන්න. ගී ගාපු පෑන් එකකට දාලා දෙපැත්ත පුළුස්සගන්න.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW